මෙම අන්තර්ක්‍රියාකාරී පොතට ඔයාව ගොඩාක් ආදරයෙන් පිළිගන්නවා.
එන්න අපි එක්ක ඥාන කථා රස විඳින්න
ඔයාට රස විඳින්න අවශ්‍ය නිර්මාණයද?
පහතින් දැක්වෙන නිල්පැහැති සබැඳි මත ක්ලික් කිරීමෙන් ඔබ රසවිඳීමට කැමති කතාව තෝරාගන්න
[[තිමෙත්]]
[[ගණිත ගී]]
[[ඉතිහාසය ඇත්තටම ප්‍රෙහේලිකාවක්ද ?]]
[[Before It’s-Too Late……]]
[[ගිම්]]
[[යාණි සහ රෝණි මාළු ඇල්ලු හැටි]]
[[සිසු නිමැවුම්]]
#තිමෙත් - 01
(align:"<==>")+(box:"X=")[තිමෙත් ගම්බද පලාතක ජීවත්වන දරුවෙක්.ඉතිං ...ගම්බද දරුවන්ට ලැබෙන බොහෝ සතුට ලැබෙන කාරණා නගරබද දරුවන්ට ලැබෙනවා අඩුයි.නගරෙ ඉන්න ලමයින්ට නිදහසේ ඇවිදින්න පාක් එකකට ම යන්න වෙනවනේ.එ්ත් ගමේ ලමයින් ට නිදහසේ ඇවිදින්න ඕනෑ තරම් තැන් තියෙනවා.අඩුම තරමේ මේ දවස්වල තමුන්ගෙම වත්ත පහල හරි.හැබැයි එහෙම දේවලුත් තියාගෙන ෆෝන් ගේම්,වීඩියෝ ගේම් පස්සේ දුවන කොල්ලොත් මේ ගමේ ඉන්නවා . හැබැයි තිමෙත් ට ෆෝන් එක ඕනෑ online පන්ති වෙලාවට විතරයි.ඊට පස්සේ එයාට කරන්න ඕනෑ තරම් දේවල් තියෙනවා එයාගෙ ගෙදර...හරි වාසනාවන්තයි නේද.
ඉතිං මේ තිමෙත් හරිම කැමතියි සත්තුන්ට .එයා ලඟ ඉන්නවා වටු කුරුල්ලෝ ,ගිනි කුකුල්ලු, තව....වහු පැටියෙක්,ගිරවෙක් ,හාවෝ,එක එක මාළු ජාති,බල්ලෝ එකෙක් මදිවට දෙන්නෙක්,කටුස්සෝ...අනේ මන්දා...ගොලුබෙල්ලෝ...ආදී එකී මෙකී නොකී තවත් සත්තු .තිමෙත් හිතනවා සමහර වෙලාවට පශුවෛද්‍යවරයෙක් වෙන්න .ආයෙ හිතනවා ධීවරයෙක් වෙන්න .තවත් වෙලාවක හිතනවා ගගන ගාමියෙක් වෙන්න . සැරින් සැරේ වෙනස් වන ...තිමෙත්ගේ හිත. කවුරුහරි ඇහුවොත් ලොකු වෙලා මොකද කරන්නේ කියලා තිමෙත් උත්තරයක් දෙන්න වෙලා යනවා.මොක ද දන්නවා ද...එයාට කල්පනා කරන්න වෙලාව එපැයි....එයා ධීවරයෙක් වෙන්න කැමතියි කීවා ම දවසක් ආච්චි හොඳටම බැන්නා.ගගන ගාමියෙක් වෙනවා කීවා ම අයියට නොනවතින කැස්සක් හැදුනා.දැන් මේ ටිකේ එයා හිතං ඉන්නෙ ගොවිපොලක් දාන්න .ඒ කියන්නෙ ගොවිපොලක අයිතිකාරයෙක් වෙන්න .හැබැයි ඒක කිව්වේ තාම අම්මාට විතරයි .අම්මා හිනා වෙලා හා කීව නිසා ඒ ගමන්ම උපන් දිනේට අශ්ව පැටියෙකුත් ඉල්ලුවා.ඒකට ප්‍රතිචාරයක් විදියට අම්මා වට්ටියක් දුන්නා ගොටුකොළ ටිකක් කඩන් එන්න පුතා...කියලා.තිමෙත් හරි කැමතියි මේ දවස් ටිකට.කවුරුත් ගෙවල්වලට එන්නෙ නැති එකම කොච්චර හොඳ ද අප්පා ..නැත්නම් අහන ඒවලට මොනවා කියන්නද මන්දා ....
තිමෙත්ගේ තියෙනවා එක එක විදිහේ project.එක එක කාලෙට.මේ දවස්වල එයා කරන්නේ incubator එහෙම නැත්නම් බිත්තර රකින යන්ත්‍රයක් හදන එක.මේ project එකට මොනවා වෙයි ද?ඇත්තටම පැටව් එයි ද?
බලමු නේ....]
කොටස් වශයෙන් ඉදිරිපත් වන ෙමෙම නවකතාව ඔබ ෙවෙත ෙගෙනෙන්නේ තාරකා සම්පති අබේසේකර ගුරුතුමියයි.එතුමියට අපගේ ෙගෞරවනීය ස්තුතිය පුදකරමු
.
එතුමිය විසින් ලියන ලද අර්ථවත් නිසඳැස් කිහිපයක් පහත සබැඳි වලින් කියවීමට පුළුවනි.
[[උයන්පල්ලාගේ හද රිදවූ මල]]
[[අම්මා සහ විද්‍යුත් විච්ජේදනය]]ගිම් කියන්නෙ හරි අපූරු චරිතයක්. ඉපදිලා තියෙන්නේ අගෝස්තු මාසේ
මාසේ.මේ දවස් වල මම ගිම් එක්ක තමා වැඩ.ඒ වැඩ එක්ක සිද්ධ වෙන
රසවත් දේවල් මම ඔයාලට කියන්නම්කෝ.
ගිම් ට ඉන්නවා හරි අපූරු කල්ලියක් ජබු . චුකි .බටු සහ සුද්දි තමයි ඒ
කල්ලිය. මේ කට්ටියගෙන් බාලම එක්කෙනා බටු.ඊළඟට ඉන්නේ සුද්දි
ඊළඟට චුකි.ලොකුම එක්කෙනා තමා ජබු.
මේ කට්ටිය හරි හරි වැඩ තමයි කරන්නේ. මේ කට්ටියගේ එක එක
ජරබර වැඩ වලට උදව් කරන්නේ ඒයාලගේ බඩපණ්ඩිත මාමා තමා.
ඉතින් මේ ගොල්ලන්ටදවසක් උවමනා වුණා බැළුමක් ඉහල යවන්න.
සරුංගලයක් වගේ
මේ තියෙන්නේ එයාලා ඒක කරන්න ගෙනාපු දේවල් තමා.
▪ කෝස්ටික් සෝඩා
▪ ඇළුමිනියම් තහඩු
▪ වතුර
▪ බෝතලයක්
▪ බේසමක්
▪ බැලුන්
ඉතින් එයාලා බේසමට වතුර පිරෙව්වා. වතුර පුරවලා බෝතලේටත්
වතුර ටිකක් පුරවලා බේසම ඇතුලෙන් තිබ්බා. තියලා ඒ බෝතලේට
කෝස්ටික් සෝඩා දැම් මා.දාලා ඇලුමිනියම් තහඩුව චූටි චූටි කෑලි වලට
කපලා බෝතලේ ඇතුලට දැම් මා
සූ ගාගෙන වායුවක් ආවා.එයාලා බැළුම බෝතලේ කටට සවිකෙරුවා.
බැළුම වේගයෙන් පිම්බුණා.පිම් බුණාට පස්සේ එයාලා ඒක නූලකින්
ගැටගැහුවා
ගැටගහලා ටිකක් ඉහලට යැවුවා.නූල අතඇරුණා බැළුම
පාවෙලා පාවෙලා අහසට ගියා.
දැන් මම ඔයාලට වැඩ ටිකක් කියන්නම්කෝ
1.බැළුමක් ගන්න .
2.පුම් බන්න
3.නූලක ගැට ගහලා අතඅරින්න
4.බැළුම පාවෙලා පාවෙලා අහසට ගියාද ? නෑ නේද ? ඇයි ?
ඒකට හේතුවක් තියෙනවා.ගිම් ගේ කණ්ඩායම පුරවපු බැළුමේ තිබුනේ
හයිඩ්‍රජන් වායුව.එයාලා කෝස්ටික් සෝඩා වලට ඇළුමිනියම්
දැම් මානේ.ඉතින් ඒකෙන් රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ වුණා.
ඒ රසායනික ප්‍රතික්‍රියාව මොකක්ද කියලා මම පහළින් ලියන්නම් . 6 NaOH + 2 Al → 3 H2 + 2 Na3AlO3 අනෙ අම් මෝ මේ මොකක්ද මේ කියලා ඔයාලට හිතුණද?
බයවෙන්න එපා. අපි මේ දේවල් ටික ටික තේරුම් ගන්නයි යන්නේ.
දැක්ක ගමන් අඳුන ගන්න පුළුවන් දෙයක් තමයි ඇළුමිනියම් නේද? ඔවු.
ඔයාලා හිතුවා හරි.
Al කියලා තියෙන්නේ ඇළුමිනියම් තමා. ඇළුමිනියම් වල ඉංග්‍රීසි නමේ
මුල් අකුරු තමයි ඒ තියෙන්නේ. අනිත් ඔක්කොම තියෙන්නේ නිකන්
විජ්ජා භාෂාවකින් වගේ නේද?
අපි ටික ටික තේරුම් ගනිමු.
NaOH – සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. නමයි සංකේත නමයි කිසිම
තේරුමක් නෑනේ නේද? මම
පොඩි උදාහරණයක් කියන්නද? අපේ ජබු ඉන්නවනේ. ජබු කියන්නේ
එයාගේ ඇත්තම ඇත්ත නම නොවෙයි.එයාට අපි ආදරේට කියන
නම.ඉතින් ඔයාලාටත් ඇති නේද එහෙම ආදරේට කියන නම් . මට නම්
පොඩි කාලේ ආදරේට කිව්වේ වෙද මහත්තයා කියලයි.ඒ ඇයි දන්නවද?
මම පාසල් මේගනියපු පාසල් බෑග ය හරියට වෙදමහත්තයෙකුගේ බේත්
පෙට්ටියක් වාගේ නිසා.
ඉතින් දැන් ආගිය කතා ඇතිනේ දැන් අපි බලමු.අපේ මේ සෝඩියම්
හයිඩ්‍රොක්සයිඩ් වලට NaOH කියලා දාලා තියෙන්නේ ඇයි කියලා.
ඔයාලා මූලද්‍රව්‍ය ගැන දන්නවද? මේ ලෝකේ හැම දෙයක්ම හැදිලා
තියෙන්නේ මූලද්‍රව්‍ය වලින්
ඈතම ඈත කාලේ ඩිමොක්‍රිටස් කියලා දාර්ශනිකයෙක් හිටියා.මේ
දාර්ශනිකයා කිව්වා ලෝකේ තියෙන පදාර්ථය (පදාර්ථය කියන්නේ
ස්කන්ධයක් තියෙන-අවකාශයේ ඉඩක් ගන්න දේකටනේ) බෙදාමේගන
බෙදාමේගන ගියොත් තවදුරටත් බෙදිය නොහැකි එක අංශු වර්ග යක්
ලැබෙනවා කියලා.ඉතින් එයා මේ අංශු වලට Atomos කියලා නම
දුන්නා.
අපි සිංහලෙන් කියන්නේ පරම අණු. ඉතින් මේ පරමාණු තියෙනවනේ.
ඒවා විවිධ වර්ග වලින් තියෙනවා.කොහොමද මේ පරමාණු විවිධ වර්ග
වලින් තියෙන්නේ. ඒකත් හරිම රස කතාවක් තමයි.ඒ ගැන මම පස්සේ
කියන්නම් කෝ.දැනට මතක තියාග න්නකෝ මෙහෙම. යකඩ වලට
තියෙන්නේ යකඩ පරමාණු.ඇළුමිනියම් වලට තියෙන්නේ ඇළුමිනියම්
පරමාණු.
දැන් කෙනෙකුට මෙහෙම හිතන්නත් පුළුවන්නේ.ඒහෙනම් වතුර වලට
තියෙන්නේ වතුර පරමාණුද? අපෝ නෑ. වතුර කියන්නේ මූලද්‍රව්‍යයක්
නෙමෙයි.සංයෝග යක්.සංයෝග යක විවිධ වර්ග වල එහෙම නැත්නම්
මූලද්‍රව්‍ය පරමාණු තියෙනවා.ඉතින් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්
කියන්නෙත් ඒ වාගේ සංයෝග යක් තමා
දැන් අපි ආපහු අපේ මාතෘකාවට යමු. අපි ඇළුමිනියම් වල සංකේතය
නම් දන්නවනේ. දැන් මම ඔයාලට කියන්න යන්නේ මූලද්‍රව්‍ය වර්ග 20
කට භාවිත වන සංකේත.
හයිඩ්රජන් H
හීලියම් He
ලිතියම් Li
බෙරිලියම් Be
බෝරෝන් B
කාබන් C
නයිට්රජන් N
ඔක්සිජන් O
ෆ්ලුවොරීන් F නියෝන් Ne
සෝඩියම් Na
මැග් නීසියම් Mg
ඇළුමිනියම් Al
සිලිකන් Si
පොස්පරස් P
සල්ෆර් S ක්ලෝරීන් Cl
ආර්ග න් Ar
පොටෑසියම් K
කැල්සියම් Ca
සෝඩියම් සහ පොටෑසියම් වලට භාවිත වෙන්නේ ඒවායේ ලතින් නම්
හන්දා තමයි ඒවාට වෙනස් සංකේත තියෙන්නේ.සෝඩියම් වල ලතින්
නම නේට්‍රියම් පොටෑසියම් වල ලතින් නම
කේලියම් . මේ ලතින් නම් හැදිලා තියෙන විදිහ ගැනත් රසවත් කතා
තියෙනවා.අපි පසුව ඒවා දැනග නිමුකෝ.
දැන් ඔයාලට අර උඩින් තියෙන සමීකරණයේ දේවල් ටිකක් විතර
තේරෙනවා ඇති නේද?
සෝඩියම් හයිඩ්රොක්සයිඩ් සමග ඇළුමිනියම් ප්රතික්රියා කරලා
සෝඩියම් ඇලුමි නේට් සහ
හයිඩ්‍රජන් වායුව හැදුන එක තමයි ඒකෙන් සිදු වුණේ.
සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ? අපේ කට්ටිය එහෙම එකක් මේගනාවේ
නෑනේ.එහෙනම් කොහෙන්ද ඒවා ? කෝස්ටික් සෝඩා කියන්නේ
සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල සාමාන්‍ය භාවිතයේදී යොදාග න්න නමක්.
NaAlO3 කියලා කියන්නේ සෝඩියම් ඇලුමිනේට් වලටයි.
ඉතින් ඇයි හයිඩ්‍රජන් පුරවපු බැලුමක් උඩ ගියේ ? මේකයි. සාමාන්‍ය
වාතය කියන්නේ වායූන් මේගොඩක මිශ්‍රණයක්නේ.නයිට්‍රජන් ඔක්සිජන්
කාබන් ඩයොක්සයිඩ් වගේ. ඉතින් මේ වායු ඔක්කොම එකතු වෙලා
හැදෙන වායුමේගෝලයේ සංයුතියට වඩා හයිඩ්‍රජන් බරින් අඩුයි.
ඉතින් ඒ නිසා තමා හයිඩ්‍රජන් වායුව පුරවපු බැලුම උඩ ගියේ .
බඩ පණ්ඩිත මාමලාග් ගෙදර වැඩ
කෙට්ටු දිග නෝනා කියන්නේ බඩපණ්ඩිත මාමාගේ ආදරණීය
බිරින්දෑටයි.එයා හරිම හොඳයි.එයාට රසට උයන්නත් පුළුවන්.ලස්සනට
මහන්න.පැළ හිටවන්න චිත්‍ර අඳින්නත් පුළුවන්.හැබැයි තරහ ගියොත්
නම් ඉතින් හරිම භයානකයි.තරහ ගියාම එයා කෑග හන සද්දෙට වටේ
පිටේ මේගවල් වල වීදූරු බිඳෙන හන්දා බඩපණ්ඩිත මාමලාගේ
අසල්වැසියෝ කිසිම දේකට වීදුරු නම් භාවිත කරන්නේ නෑ.
මේ ලඟදී දවසක බඩපණ්ඩිත මාමලාගේ මේගදර පොඩි අළුත්වැඩියාවක්
කළා.අළුත්වැඩියාවක් කරපුවාම ඉතින් දන්නවනේ මේගොඩක් දේවල්
අවුල් වෙනවනේ පස්සේ ඉතින් අස්පස් කරන්න වෙනවා.ඉතින් මේක
අස්පස් කරලා දෙන්නේ නෑ කියලා කෙට්ටු දිග නෝනා කෑග හන්නයි
පටන් ගත්තේ.වචන දෙකයි කිව්වේ ළඟම මේගදර තියෙන බිත්තර
ඔක්කොම බිඳුනා.අන්තිමට චුකි මේගයි ජබුමේගයි බටුමේගයි අම් මා දවල්ට
කන්න හැදුවේ ඔම් ලට්.
ඉතින් තව තව මොනවා වෙයිද දන්නේ නැති හන්දා ගිම් සමග
බඩපණ්ඩිත මාමා අස්පස් කරන්න පටන් ගත්තා.පස් අරමේගන යන්න
විල්බැරෝවක් තමයි එයාලා යොදාග ත්තේ.ඉතින් විල්බැරෝව
කියන්නේ සරල යන්ත්‍රයක්නේ.සරල යන්ත්‍රයක් කියන්නේ කාර්යයන්
වඩා පහසු කිරීහමට භාවිතා කරන උපකරණයක්.
ඉතින් මේ විල්බැරෝව තල්ලු කරන් යනග මන් බඩපණ්ඩිත මාමා
සින්දුවක් කියන්න පටන් ගත්තා.
ආදභා ආභාද දභාආ
ආදභා ආභාද දභාආ
ආනත ත ලේ කප්පිය ලීවරේ
සක සහ අකරේ
මොන භාෂාවෙන් කියන සින්දුවක්ද ඒ කියලා ගිම් ඇහුවා.විද්‍යා
භාෂාවෙන් කියන සින්දුවක් කියලා බඩ පණ්ඩිත මාමා කිව්වා.ඉතින්
වැඩේ ඉවරවුණාට පස්සේ එදා හවස බඩපණ්ඩිත මාමා සරල යන්ත්‍ර
කියන්නේ මොනවද කියලා පැහැදිලි කරලා දුන්නා.
සරල යන්ත්‍ර
යන්ත්‍ර කියලා කියපුවාම ඉතින් සමහර අයට යන්ත්‍ර – මන්ත්‍ර ත් මතක්
වෙනවා ඇති නේද ? ඉතින් විද්‍යාවෙත් මන්තර තියෙනවා තමා.විද්‍යාවේ
තියෙන මන්තර තමා සමීකරණ සහ සූත්‍ර කියලා කියන්නේ.
කොහොම හරි අපි මොනවද සරල යන්ත්‍ර කියන්නේ කියලා බලමුකෝ
කියලා බඩපණ්ඩිත මාමා කිව්වා.ඉතින් එහෙම කියලා එයා
විල්බැරෝවේ සුද්දිවයි බටු වයි තියලා තල්ලු කරමේගන ආවා. ▪ රෝදේ තමා ධරය
▪ අල්ලාගේගන ඉන්න අල්ලු තමා ආයාසය
▪ දෙන්නාව දාලා තියෙන බක්කිය තමයි භාරය
කියලා කිව්වා.
ඔයාගේ ඔළුව අද කොහේ හරි වැදුණද? ඔයා කියන කිසිම දෙයක් අපිට
තේරෙන්නේ නෑනේ. තේරෙන විදිහට කියන්නකෝ කියලා ජබු කිව්වා.
හරි හරි ඉන්නකෝ මම කියලා දෙන්න.වැඩ පහසු කරන්න යොදාග න්න
උපකරණ වලට තමා යන්ත්‍ර කියන්නේ.අඩු බලයක් යොදලා වැඩි
බලයක් අවශ්‍ය වෙන වැඩක් පහසුවෙන් කරග න්න තමයි යන්ත්‍ර
උපයෝගී කරග න්නේ.
එක එක වර්ග යේ යන්ත්‍ර තියෙනවා. ▪ ලීවර
▪ කප්පි
▪ ආනත තල
▪ සක සහ අකර (චක්‍රය සහ අක්ෂ දණ්ඩ)
යන්ත්‍ර වර්ග වලට උදාහරණ තමයි.
මේ යන්ත්‍ර ගැන කතා කරද්දී ආයාසය ධරය භාරය කියන වචන ඉගේගන ග
න්න වැදග ත් වෙනවා.
බඩපණ්ඩිත මාමා ආ ද භා කියලා කිය කිය හිටියේ ආයාසය ධරය සහ
භාරය ගැන තමයි.
අපි බලමු මේ මොනවද කියලා
බඩ පණ්ඩිත මාමලාගේ ගේ ඉස්සරහ සීසෝ එකක් තියෙනවා.ඉතින් මේ
සීසෝව උඩ බඩපණ්ඩිත මාමා සුද්දිව හිටෙව්වා අනිත් පැත්තේ
හිටෙව්වේ චුකි ව. සුද්දි පහලට ගියා චුකි උඩට ගියා. දැන් බඩපණ්ඩිත
මාමා කිව්වා මේ වෙලාවේ සුද්දි තමයි ආයාසය චුකි තමයි භාරය.
ඊට පස්සේ චුකි ව බස්සලා ගිම් ව නැග් ගුවා. සුද්දි උඩ ගියා.ගිම් පහලට
ගියා.දැන් ගිම් තමයි ආයාසය සුද්දි තමයි භාරය.
මේ සීසෝ එක වැඩ කරන්නේ ලීවරයක් විදිහටයි. ▪ ඒ ලීවරයේ මැද තියෙන්නේ ධරය.
▪ දෙපස තියෙන්නේ ආයාසය හා භාරය. ▪ එක්කෙනෙක් ආයාසය වෙද්දී අනිත් එක්කෙනා භාරය
වෙනවා.
<img src="https://i.postimg.cc/Jzxjx7sc/image.png">
සීසෝවක් කියන් නේ පළමු පන්තියේ ලීවරයක්.පළමු පන්ති යේ
ලීවරයක් කියන් නේ ධරය මැදත් ආයාසය දෙපසත් පිහිටන ලීවර
වලටයි
එතකොට දෙවෙනි වර්ග යේ ලීවර කියන්නේ මොනවද ? චුකි ඇහුවා
බඩපණ්ඩිත මාමා බටු වයි චුකි වයි සුද්දි වයි ආ යෙත් විල්බැරෝවට
නංවා ග ත්තා. මේ තියෙන්නේ දෙවෙනි පන්තියේ ලීවර කියලා කිව්වා.
දෙවෙනි පන්ති යේ ලීවර කියලා කියන්නේ ආයාසය භාරය ධරය
කියන අනුපිලි වෙලට තියෙන ලීවර වලට බඩ පණ්ඩිත මාමා
කිව්වා.එහෙම කියලා ජබුට අඬ ගහලා කිව්වා විල්බැරැක්කය තල්ලු
කරන් යන්න කියලා.ජබු ට ඒක උස්ස ගන්න ආයාසය යොදලා
යොදලා තල්ලු උස්ස ගේගන යන්න ගිම් වත් අඬග හග න්න වුණා. ආ
දැන් මට තේරෙනවා අපි යොදන බලයට තමයි ආයාසය කියන්නේ
නේද ? ජබු කිව්වා.
ඔවු. දැන් මේ දෙන්නාගේ බර තමයි භාරය. මේ අලි පැටව් දෙන්නා
උස්සන්න ගිහිල්ලා කොන්ද නොකැඩේවා කියලා ප්‍රාර්ථනාවක් කරමුද
කියලා ගිම් ඇහුවා.ගිම් එ හෙම තමයි.කොයි වෙලෙත් විහිළුවෙන් තමයි
ඉන්නේ.
මතු සම්බන්ධයි ...
මෙම ගීත අපවෙත ලබා දුන් අප පාසලේ හංසනී ප්‍රනාන්දු ගුරුතුමියට අපගේ ගෞරවනීය ස්තුතිය.
[[තල රූප]]
[[නිඛිල - නිඛිල]]
[[ප්‍රමේයය බයිලාව]]
<img src ="https://i.postimg.cc/63JQpMxj/image.jpg"><img src ="https://i.postimg.cc/x89TKqCL/image.jpg"><img src = "https://i.postimg.cc/BbNZNsLk/Whats-App-Image-2021-08-26-at-06-43-24-Copy-Copy.jpg">උයන් පල්ලෙකුගෙ දෑතින් පහස ලබා
පිපෙනා මල් රැසකි දස අත නොමැත මුසා
ඉගිලී ගොසින් අන් අත බඳුනකටවෙලා
ගරහන මලක ගුණ ගැන කුමකට ද කතා
උයනක පිපෙන මල් වෙයි සුවඳින් විවිධ
තරමින්, පෙති හැඩෙන්,පාටින් වෙති අරුම
හඳුනා එම වෙනස ,පිපුමට වෙර දරන
මලකට උදව් දෙන හදවත් හරි සුවඳ
දහඩිය කඳුලු මල් පෙති අග ගෑවෙ නැතී
ගිනියම් ඉරෙන් වූ පීඩා ඉවස ගතී
මලක් පූදිනා දැක නෙත කඳුලු පිසී
එවැනි උයන් පල්ලන් මා වටෙත් ඇතී
මලක් නොපිපුණොත් හෙම උයනක එක ගසක
ඇඟිලි දිගු වුණා හෙම්බත් හදවතට
දිගුකළ ඇඟිලි දරනා හදවත්වලට
අමතක වුණා බෝ දේවල් එකවිටම
උයනක සිරිය හැම තැන මල් පිපීමය
ඒ බර දරන දෑතම වාසනාවය
මල් වට සිටින කළු කුරුමිණි බොහෝමය
උයන්පල්ලෙකු ව රැකගත මනාමය..
(align:"==>")+(box:"X=")[තාරකා සම්පතී අබේසේකර෴
]
විද්‍යුත් රසායනික කෝෂ
---------------------------------------
ඇනෝඩය යකඩ ය
කැතෝඩය කොපර් ය
මෙහි වඩා සක්‍රීය
ඉලෙක්ට්‍රෝඩය
යකඩ ය
ඒත්....
අපි කියන්නෙ ම
ඍණ වෙයිලු ඇනෝඩය
සක්‍රීය හැමෝටම
වෙන්නෙත් එහෙම ම ය
වැය වෙන්නෙ ම ඉතිං
පවුල ම රකින්නය
වෙන කවුරුවත් නෙවෙයි
ඇනෝඩය තාත්ත ය..
කැතෝඩය කීවා ම
මෙහි ධන අග්‍රය ය
අම්මාගේ හදවතට
ධන වන දේ බොහෝ ය
නොසැලී මහ මෙරක
සේ සියලු දේ දරන
අම්මා ම යි කැතෝඩය
අපෙ පවුලේ හැමදාම..
තාරකා අබේසේකර ..<img src="https://i.postimg.cc/sXrVr15b/Whats-App-Image-2021-09-02-at-01-01-13-Copy-Copy.jpg">
මෙම ප්‍රෙහේලිකාව අප වෙත ලබා දුන්නේ අප පාසලේ ප්‍රියංග ජයසූරිය ගුරුතුමන්ය. එතුමන්ට අපගේ ගෞරවනීය ස්තුතිය පුදකරමුBefore It’s Too Late……
There was a time we lived the life
Life of joy when there was no rush
Had no phones but we had time
To chat and laugh and play outside
Walked to a friend around the corner
Though I met her in school that day
Endless stories told and heard
Shared our dreams and sang to the birds
What happened to that bygone era
We’ve emerged into robotic life
Busy schedules to win a name
Crazy race to win the game
Around the corner I have a friend
But where’s the time to see that friend
Days to weeks and weeks to months
Months to years this endless shame
We have phones, it is digital age
Where’s the time to make a call
There’s a friend around the corner
Haven’t seen or talked for ages
Life is too short to postpone
Let’s call and stay connected
Catch up from where we stopped that story
I need my friends to be silly again.
Our heartiest gratitude to the author of this poem ,Mrs.Kumari Herath,A Well experienced teacher in our college....යා ණි සහ රා්ණි මාළු අැල්ලූ හැටි
ආ මට කියන්න අමතක වුණානේ බඩපණ්ඩිත මාමාට තව යාළුවෝ
කීප දෙනෙක් ඉන්නවා.එයාලා ගැන අනාගතේදී ඔයාලාට
කියන්නම්.තව දෙන්නෙක් ඉන්නවා යානි සහ රෝණි තමයි ඒ
දෙන්නා.මේ දෙන්නාගේගන් පොඩි එක්කෙනා තමයි යානි.යානි
හුරතලේට ඇති කරන් නේ වඳුරෙක්.මේ වඳුරා ත් හරි හරි වැඩ
කරනවා.පස්සේ ඒ වඳුරු රාල ගැනත් ඔයාලාට මම කියන්නම් කෝ.
ඉතින් අපි අර අ පේ පරණ සිද්ධියට යමුකෝ
රෝණි ලා ගේ අම්මලාගේ මහගේගදර පැත්තේ ඉන්න මාමලා සමහර
වෙලාවට මාළුබාන්න යනවා.අන්න එත කොට එක දවසක් යානියි
රෝනියිත් ගියා. මේ තියෙන්නේ ඒ මාළු අල්ලන්න ගිය වෙලාව තමා.
ඉතින් බිලී පිත් තෙන් මාළු අල්ලනකොට බිලී පිත්ත කැරකෙන්නේ
අත ව ටේ නේ ඉතින් අත තමා ධරය වෙන්නේ.අපි බලය යොදන්නේ
බිලි පිත් තේ දණ්ඩට නේ. ඉතින් ඒ තමයි ආයාසය. මාළුවා තමා භාරය
වෙන්නේ.
ඉතින් බිලිපිත්ත ව ගේ ඒවා තුන්වන වර්ගයේ ලීවර
යානියි රෝණියි තාත්තයි මාළු අල්ලගේගන ආවා.ගෑස් ඉතුරු කර ගන්න
සමහර වෙලාවට එයාලා දර ලිපේ උයනවා.එදා දර පැළු වේ
යාණි.යාණි ලා ගේ ගේගදර පිරිමි ළමයි නෑ.ඉතින් ඒ හින්දා කොළු වැඩ
කරන්නේ යාණි තමා.
යානි දර පලන්න ගිහිල්ලා කොහොම
හරි පොරවේ මිට කැඩුණා.ඉතින් යාණි
ඒක තියලා පොරවට හොඳ මිටක්
හොයන්න ගියා.ඔන්න ඔය වෙලාවේ
තමා අ පේ වඳුරු රාළ පණ්ඩිත
වැඩක් කෙරුවේ.
<img src="https://i.postimg.cc/2Sr4nLSS/Picture.png">
පොරවේ කොටසක් ඔන්න
ඔහොම ලීයට සම්බන්ධ වෙලා
තිබුණා.අපේ පණ්ඩිත වඳුරු රාළ
කොටේ උඩ ඉඳගේගන ඒක
ඇද්දා කියන්නකෝ. වලිගේ ඒක
අස්සේ හිරවුණා.
මතු සම්බන්ධයි ...Double-click this passage to edit it.